Friday, July 8, 2011

කරුණාසේන ජයලත්ගේ කෘතීන් හා බැඳී සිනමාව

කෙනෙකු තුළ චරිත කිහිපයක් එකවර ජීවත් වීමට පුළුවන. එහෙත් ඒ හැම චරිතයම කිසියම් කැපී පෙනෙන කාර්යභාරයක් කරා යොමු කරලීමක් බහුලව දැකිය හැකි නොවේ. එ නයින් ගත් කළ කරුණාසේන ජයලත් නැමැත්තා තුළ ජීවත් වූ චරිත කිහිපය සමකාලීනව පමණක් නොව පසුකාලීනව ද කැපී පෙනෙන ලක්ෂණ සමූහයක් පෙන්නුම් කරන්නට සමත්ව තිබේ. ජයලත් මියගිය අලුත ඔහු ගැන බොහෝ දෑ කී පාර්ශ්වයන් කාලය ගතවද්දී කෙමෙන් නිහඬ වී යන ස්වරූපයක් ද දක්නට පුළුවන. එය ජයලත් වැන්නකුට පමණක් ම උරුම නොවන්නකි. සැබැවින් ම එක අතකට ජයලත් ඉක්ම වූ ඇතැමුන් ද මේ සෙස්සන්ට කෙමෙන් අමතක වී යාමේ ඉරණමට ගොදුරු වන බව පෙනේ.

නවකතාකරණයබොහෝ දෙනා කරුණාසේන ජයලත් දකින්නේ යොවුන් ප්‍රේමය මුල් කොට ගත් නවකතාකරුවකු ලෙසිනි. නො අනුමානව ම ජයලත් ලාංකික සමාජ දේහය හා බද්ධ වන්නේ මේ නවකතාකාර ප‍්‍රතිරූපය ඉවහල් කොට ගෙනය. ඔහු පේරාදෙනි සාහිත්‍ය ව්‍යාපාරයේ ආධිපත්‍යයට යම් අභියෝගයක් එල්ල කළ බව ද දකින්නට තිබේ. විශාල නවකතා ප‍්‍රමාණයක් ජයලත් අතින් ලියැවී නැත. එහෙත් ඔහුගේ යථොක්ත පිවිසුමට ඉන් අවැඩක් වූ බව නොපෙනේ.කරුණාසේන ජයලත් පුවත් පත් කලාවේදියකු සිනමා විචාරකයකු, ගීත රචකයකු වශයෙන් පමණක් නොව තිරනාටක රචකයකු වශයෙන් ද අපගෙ අවධානයට පාත‍්‍ර විය යුතුය. එහිදී ඔහු ලියූ නවකතා ද ඇසුරු කොට ගන්නට සිදුවේ. මේ සියල්ල මැද ජයලත් ඉදිරිගාමී අරමුණ මත රැඳුණු එක්තරා ප‍්‍රමාණයක දේශපාලනඥයකු ද විය.කරුණාසේන ජයලත් ගේ වඩාත් ම ජනප‍්‍රිය නවකතාව සේ තවමත් සැලකෙන්නේ 1962 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් ‘ගොළු හදවත’ යි. එය පාදක කොට ගෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘ගොළුහදවත’ (1968) චිත‍්‍රපටය අද ද ජනප‍්‍රිය චිත‍්‍රපටයකි.

බඹා කෙටූ හැටි‘ගොළු හදවත නවකතාවේ දෙවැනි කොටස ලෙස ජයලත් ලියූ ‘බඹා කෙටූ හැටි’ නවකතාව පාදක කොට ගෙන සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘බඹා කෙටූ හැටි’ චිත‍්‍රපටය (1981) කෙතෙක් දුරට ‘ගොළු හදවත’ තරම් ජනාදරයට පාත‍්‍ර වූයේ දැයි යන්න සැක සහිතය. මෙහි තිරනාටකය සකස් කරනු ලැබුවේ ජයලත් විසිනි. ‘ගොළු හදවත’ මෙන් ම ‘බඹා කෙටූ හැටි’ ද යොවුන් ප්‍රේමය නොගැඹුරු ලෙස ඉදිරිපත් වූ අවස්ථාවක් සේ විටෙක පෙනී යාම අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න ප‍්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ ‘බඹා කෙටූ හැටි’ වෙනත් ලාංකික චිත‍්‍රපට තුළ ආ බොළඳ ප්‍රේම තේමාව විෂය කර ගත් අවස්ථාවක් නොවන බව තමා තරයේ විශ්වාස කරන බවයි.(සුරතුර, 1978. 02. 10)
දේශපාලනික අභිලාෂ1972 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ජයලත් ගේ රිදී නිම්නය නවකතාව පාදක කොට ගෙන ඩී. බී. නිහාල්සිංහ නිර්මාණය කළ එනමින් ම යුත් චිත‍්‍රපටය වර්ෂ 1982 දී පළමු වරට ප‍්‍රදර්ශනය වූයේ ජයලත් යළිත් වරක් සිනමාව හා නිර්මාණාත්මක පක්ෂයෙන් සම්බන්ධ කරමිනි. ‘රිදී නිම්නය’ ජයලත් ගේ දේශපාලනික අභිලාෂයන් යම් පමණකට හෝ අන්තර්ගත කෘතියකි. තමන් පෙලෙන දරිද්‍රතාව ජය ගන්නට සාමූහික කි‍්‍රයාමාර්ගයක් කරා අවතීර්ණ වන ගැමි තරුණ පිරිසක් ගැන මෙහි දී කියැවේ. ඒ අතරට වැදෙන එක් පවුල් ඒකකයක චරිත කිහිපයක් කෙරෙහි ජයලත් ගේ විශේෂ අවධානය යොමුව තිබේ. ගාමිණී වේරගම පවසන්නේ ‘වැලිකතර’ වැනි වීර චිත‍්‍රපට නිර්මාණය කිරීමේ හැකියාව කොතෙකුත් පැවතිය ද ඉන් බැහැරව සම්භාව්‍ය සිනමාකරුවන්ගේ පංතියට එක් වීමට ඩී. බී. නිහාල්සිංහ මෙහි දී දැරූ ප‍්‍රයත්නය අගය කළ හැකි බවයි.(දශකයක සිනමාව - 1980, 30 පිටුව)

සුමිත‍්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගැහැණු ළමයි’ (1978) හා ‘යහළු යෙහෙළි’ (1982) ජයලත් ගේ සිනමා සබඳතා තවදුරටත් තීව්ර වූ අවස්ථා වේ. ‘ගැහැනු ළමයි’ වර්ෂ 1967 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ නවකතාවයි. සුමිත‍්‍රා පීරිස් ‘ගැහැණු ළමයි’ හි තිර නාටකය සකස් කළ අතර එහි දෙබස් රචනා කළේ ජයලත් ය. ‘ගැහැණු ළමයි’ ද ‘ගොළු හදවත’ හා ‘බඹා කෙටූ හැටි’ සේම යොවුන් ප්‍රේමය ප‍්‍රමුඛ වූ පුවතක් ඉස්මතු කළ අවස්ථාවකි.‘යහළු යෙහෙළි’ සිනමාවට නැගුණු ජයලත් ගේ නවකතා අතර දෘෂ්‍යමාන පුවත සේම ඊට පාදක වූ සමාජ පසුබිම ද වැදගත් කොට සැලකුණු අවස්ථාවක් වෙයි. ‘යහළු යෙහෙළි’ නවකතාවට වර්ෂ 1969 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි විය. ‘යහළු යෙහෙළි’ චිත‍්‍රපටයේ තිර නාටකය සකස් කළේ ජයලත් ය. මෙහි දී ස්වකීය දෙමාපියන්ගේ පසුගාමී හා අනුචිත මත ප‍්‍රතික්ෂේප කරමින් ඒවාට එරෙහි තැන් කරා පැමිණීමට තැත් කරන ගැමි යුවතියක ගේ චරිතය මූලික කොට ගැනුණි. ‘යහළු යෙහෙළි’ සිනමා විචාරකයන් ගේ තියුණු විග‍්‍රහයනට පාත‍්‍ර වූ චිත‍්‍රපටයකි.

නිර්මාණ භාවිතය1982 දී පළමු වරට ප‍්‍රදර්ශනය වූ ලාංකික චිත‍්‍රපට උදෙසා පැවැත්වුණු සරසවි සිනමා සම්මාන උලෙළේ දී හොඳම තිර නාටක රචකයා සේ සම්මාන ලැබුවේ ‘යහළු යෙහෙළි’ තිරනාටකය සැකසූ කරුණාසේන ජයලත් ය. එහෙත් ඉනික්බිති කාලය තුළ දී සිනමාව හා මෙලෙස බැඳෙන්නට ජයලත් ප‍්‍රමාණවත් ප‍්‍රයත්නයක් දැරූ බව නොපෙනේ.ජයලත්ගේ නවකතා සමහරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කර ගත්ත ද පොදුවේ ඔහුගේ නවකතා ලාංකික නිර්මාණ සාහිත්‍ය තුළ විශිෂ්ටතා ඉහළ මට්ටමකින් ගම්‍ය නොකරයි. එහෙත් ඔහුගේ නවකතා සිනමාවට ගෙන එනු ලැබුවේ ලාංකික සිනමාව තුළ නිර්මාණශිලි මැදිහත් වීමක් අපේක්ෂා කළ සිනමා කරුවන් ය. මෙය ජයලත් ගේ කලා භාවිතය අරබයා යම් උත්ප‍්‍රාසාත්මක හැඟීමක් දනවන්නකි.

No comments:

Post a Comment